දේශීය

වැලන්ටයින් සාද පවත්වන්නන්ට පොලිසිය රතු එළි

(UTV | කොළඹ) – ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබෙන පෙබරවාරි 14 වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී ප්‍රිය සම්භාෂණ, සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බව ඒ මහතා සඳහන් කරයි.

කොවිඩ් පොකුරු හා අනුපොකුරු නිර්මාණය වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධි සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම එවැනි සම්භාෂණ සඳහා ඉඩ පහසුකම් ලබා දීමට හෝටල්හිමියන් කටයුතු නොකර සිටින ලෙසත්, එවැනි සාද සඳහා සහභාගී නොවන ලෙසට තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර සිටියි.

 

 

 

Related posts

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරින් තුවාල ලැබූවන්ගේ වෛද්‍ය වාර්තා ලැබී නැහැ | පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

Editor O

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment