Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරින් තුවාල ලැබූවන්ගේ වෛද්‍ය වාර්තා ලැබී නැහැ | පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

හිටපු කතානායක අශෝක රන්වල ධාවනය කළ මෝටර් රථය තවත් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ අයගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැති බව පොලිසිය ඊයේ (16) අධිකරණයට කරුණු වාර්තා කළේය.

බියගම, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය විසින් හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වලට එරෙහිව පවරා තිබෙන නඩුව ඊයේ (16) මහර අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පොලිසියේ මේ බව දැනුම් දුන්නේය.

මේ අනුව එම නඩුව ලබන මාර්තු මස 13 වැනි දිනට කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

රිය අනතුරේදී මෝටර් රථයක ගමන් කළ එකම පවුලේ මව, කුඩා දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබු බවත් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ලැබුණු විගස පැමිණිල්ල ගොනු කරන බව සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක තෙන්නකෝන් විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

තුවාලකරුවන්ගේ වටිනා ජංගම දුරකථන දෙකක් නැතිවී තිබෙන බවත් එම මෝටර් රථයට රුපියල් ලක්ෂ 06ක අලාභයක් වි තිබෙන බවත් ඒ නිසා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් ලබා දෙන්නේ නම් නඩුව සමථයකට පත් කර ගැනීමට යෝජනා කරන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ උපුල් ගුණසේකර විසින් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

Related posts

கரையோர புகையிரத சேவைகள் வழமைக்கு

Mohamed Dilsad

Prime Grand அதி சொகுசு தொடர்மாடி மனை – 28 ஆவது மாடியின் நிர்மாணப் பணிகள் ஆரம்பம்

Mohamed Dilsad

SLMC ordered to register all foreign graduates

Mohamed Dilsad

Leave a Comment