Trending Newsඑසැන පුවත්දේශීය

ජින්තුපිටිය වෙඩි තැබීමෙන් අයෙක් මරුට | දරුවන් දෙදෙනෙකුටත් තුවාල

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 03 ක ගැහැණු දරුවෙකු ප්‍රතිකාර සඳහා රිජ්ජේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 44 ක් වූ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

වෙරළබඩ පොලිස් ස්ථානය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ACMC to involve in Kalmunai issue

Mohamed Dilsad

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

வடமாகாண பாடசாலைகளுக்கு விசேட விடுமுறை…

Mohamed Dilsad

Leave a Comment