දේශීය

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර තිබේ.

ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

සියලු වරාය මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ලබාදීමට ද ජනාධිපතිතුමා නියම කර ඇත.

ආනයන, අපනයන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය සහන අදාළ ව්‍යාපාරික ප්‍රජාවට වරාය පරිශ්‍රයේදීම ලබාදීමට මේ යටතේ පියවර ගැනේ.

ශ්‍රී ලංකා රේගුව, කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වරාය අධිකාරියේ පර්යන්තයන් වන (JCT/UCT), CICT සහ  SAGT පුද්ගලික සමාගම් යටතේ පාලනය වන පර්යන්තයන් මේ සඳහා එක්ව ක්‍රියා කරයි. සියලුම අංශ ආවරණය වන පරිදි පහසුකම් සලසාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

1.ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේ දී වරාය පරිශ්‍රයේ භාණ්ඩ මෙහෙයවීමේ දී ආනයනික බහලුම් හා නැව් භාණ්ඩ සහ ආනයනික හිස් බහලුම් සඳහා අය කරන අංගන හා ගුදම් කුලී ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇත.

2. වරාය ආශ්‍රිත ප්‍රවාහන සඳහා යොදා ගන්නා ට්‍රක්, ලොරි, ටිපර්, බවුසර් රථ  සහ නියෝජිත ආයතනවල පොදු / පෞද්ගලිකරථ (වෑන්, කාර්, යතුරු පැදි) සඳහා වරාය පරිහණයේ දී එම නියෝජිත ආයතන හා සමාගම් දැනට ලබාගෙන ඇති වරාය දොරටු ප්‍රවේශ අවසර පත්‍ර/ පුද්ගල ප්‍රවේශ අවසර පත් ද ඇඳිරි නීතිය බලපැවැත්
වෙන කාලසීමාව සඳහා වලංගු වේ.

3. වරාය ආශ්‍රිත රාජකාරී කටයුතුවල නිරත පුද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවක පිරිස් සඳහා ඇඳිරි නීති කාලසීමාවේ ගමන් කිරීමේ අවසර පත්‍ර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිර්දේශ මත ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදීමට කටයුතු කර ඇත.

4. වරාය තුළ ක්‍රියාත්මක පරියන්ත සේවා හා අන්තර් පරියන්ත සේවාවන්හි නිරත බහලුම්/ භාණ්ඩ ප්‍රවාහන රථ සඳහා අවශ්‍යක ඉන්ධන මුදල් ගෙවීමේ පදනම මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉන්ධන පිරවුම්හල්වලින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

5.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඛණ්ඩව සේවයේ නිරත සියලුම සේවක පිරිස් වෙත සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක සේවා හා සුබසාධන පහසුකම් මෙන්ම හඳුනාගත් මාර්ගයන් ප්‍රවාහන පහසුකම් ද උපරිම අයුරින් ලබාදීමට පියවර ගෙන තිබේ.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තීරණය කෙරේ

Mohamed Dilsad

අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවා

Mohamed Dilsad

මාර්ග අංක 120 බස් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment