දේශීය

මාර්ග අංක 120 බස් වර්ජනයක

(UTV | කොළඹ) – මාර්ග අංක 120 කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කිව් ආර් ක්‍රමවේදය ඔස්සේ බස්රථයකට ලබා දෙන ඩීසල් ඉන්ධන ලීටර් හතලිහ සතියකට තබා දිනකට වත් ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

තමන්ට ගමන් වාර තුනක් පිටකොටුවට යාමට සහ නැවත පැමිණීමට දිනකට ඩීසල් ලීටර 60 ක් පමණ වැයවන බව ඔවුන් සඳහන් කරයි.

තමන්ට ලබා දෙන ඉන්ධන කෝටාව අවම වශයෙන් ලීටර් සීයක් දක්වා වැඩි කරන ලෙසත් එය දින 2 කට පමණක් ප්‍රමාණවත් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන මගීන් දැඩි අපහසුවට පත්ව ඇති බව වාර්තා වේ.

Related posts

මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන හැඩ කළ ”කෝලිය ඇතා” අභිරහස් ලෙස සමුගනී

Editor O

ආපදා සහන සේවාවලදී, ආණ්ඩුවේ දේශපාලකයින්ගෙන්, ග්‍රාම නිලධාරීන්ට බලපෑම්

Editor O

චීනයෙන් තවත් ආධාර තොගයක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment