ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් තරගාවලිය අගේාස්තු 27 ඇරඹෙයි

(UTV | කොළඹ) – 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය අගෝස්තු 27 වනදා ආරම්භවීමට නියමිතය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 06 ක් කාණ්ඩ 02 ක් යටතේ තරගවැදීමට නියමිතව ඇත.

A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය සහ ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ජය ගන්නා කණ්ඩායම ඇතුළත් වේ.

B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ඇතුළත්ය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය කණ්ඩායම අතර අගෝස්තු 27 පැවැත්වීමට නියමිතය.

Related posts

ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ නාම අතර ට චමරි අතපත්තු

Editor O

ක්‍රිකට් නායකත්වයට සමු දුන් ඇන්ජලෝ මාධ්‍යයට දැක්වූ අදහස්

Mohamed Dilsad

Leave a Comment