දේශීය

අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවා

(UTV | කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට ලබන 15 වනදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ බස් රථ සේවාව දෙවන අදියර යටතේ මගී ඉල්ලුමට සරිලන පරිදි යළි පැමිණීමට බස් සේවා යෙදවීමටද සැලසුම් කර තිබෙනවා.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයට අමතරව කඩවත, කඩුවෙල සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළද මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එළැඹෙන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පෞද්ගලික බස් සඳහා ඩීසල් නොලැබුනහොත් අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත වනු ඇති බවයි.

Related posts

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම

Mohamed Dilsad

අඩු පිරිවැයකින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment