දේශීය

අඩු පිරිවැයකින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට උපදෙස්

(UTV | කොළඹ) – අඩු පිරිවැයකින් එහෙත් අභිමානවත් අයුරින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

75 වන නිදහස් දින සමරු උළෙල සංවිධාන කමිටු පළමු රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව විචිත්‍රවත් අයුරින් 75 වන ජාතික නිදහස් දින උළෙල කොළඹ ගාලුමුවදොර දී පෙබරවාරි 04 වන දින සවස් කාලයේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා මෙහිදී පැවැසූයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පෙළපාළි සහ උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග හා යෞවනයට ගැළපෙන කලා අංග නිදහස් උළෙලට එක් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් උළෙළේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ට ආරාධනා කිරීමට ද තීරණය කෙරිණි.

75 නිදහස් දිනයට සමගාමීව සියලුම පළාත් මූලික කරගනිමින් විවිධ තේමාවන් යටතේ ප්‍රදර්ශන පැවැත්වීමටත්, දෙවුන්ද‍රතුඩුව සහ පේදුරුතුඩුව යා කරමින් පාපැදි සවාරියක් සංවිධානය කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කළේය.

75 වන ජාතික නිදහස් දින උළෙල නිමිත්තෙන් 75 වන ජාතික මුද්දරයක් නිකුත් කිරීමටත් සැලසුම් කර තිබෙි.

නිදහස් දින උළෙල සංවිධාන කටයුතු සඳහා අදාළ අනුකමිටු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Related posts

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි පක්ෂ මූලස්ථානය අසළ සිට වැඩ අරඹයි.

Editor O

ඉදිරියේ දී විදුලි බිලට සිදුවන වෙනස

Mohamed Dilsad

එළබෙන සඳුදා සිට සියලු පාසල්වල 11,12,13 ශ්‍රේණි ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment