ගොසිප්

ඩ්‍රැගන් ෆෘට් නාමය වෙනස් කරයි

(UTV | ඉන්දියාව) – ඉන්දියාව චීනය සමග පවතින විරසකය හේතුවෙන් ඩ්‍රැගන් ෆෘට් පලතුරෙහි නම වෙනස් කිරීමට එරට ගුජරාට් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඩ්‍රැගන් (මකරා) යන්න චීනය හා සම්බන්ධ වන හෙයින් මෙම තීරණය ගෙන ඇත.

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය විජේ රූපානි පැවසුවේ, ඩ්‍රැගන් ෆෘට් පලතුර මින්පසු කමලම් යන නමින් හඳුන්වන බවය. එහි අර්ථය නෙළුම යන්නය.

නෙළුම් මල හින්දු ජනතාව ශුද්ධ වූ මලක් ලෙස සලකන අතර ඉන්දියාවේ ජාතික පුෂ්පය වන්නේ ද එයයි.

දීර්ඝ කාලයක් තිස්සේ චීනය සහ ඉන්දියාව අතර දැඩි විරසකයක් පවතින අතර, දේශසීමා ආසන්නයේ ද ගැටුම් ඇතිකර ගනී.

 

 

Related posts

කොච්චිකඩේ දේවස්ථානය අසල සිටි යාචකයාගේ ඇත්ත කතාව

Mohamed Dilsad

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු නවතී[RELEASE]

Mohamed Dilsad

උත්සව සමයේ බීමතින් රිය පැදවුවොත් වැඩ වරදී

Mohamed Dilsad

Leave a Comment