ගොසිප්

කොච්චිකඩේ දේවස්ථානය අසල සිටි යාචකයාගේ ඇත්ත කතාව

(UTV |කොළඹ) – කොච්චිකඩේ දේවස්ථානය අසල පළතුරු අත්කරත්තයක් සොරකම් කළ යාචකයාගේ වත්කම් පිළිබඳ සියල්ල හෙළි වෙයි.

ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්‍ෂණ වලදීය.

මෙහිදී හෙළිව ඇත්තේ ඔහු සතුව කිසිදු වාහනයක් හෝ දේපොළක් නොමැති බවයි.

ඉතා අඩු මුදලක් ලැබෙන රැකියා කරමින් ඔහු ජීවත්ව සිට ඇති බවත් පොලිසිය පවසයි.

එම යාචකයා සතුව සුඛෝපභෝගී නිවාස සහ මෝටර් රථ තිබෙන බවට පල වූ වාර්තා සත්‍ය නොවන බවද පොලිසිය පැවසීය.

කෙසේ වෙතත් වෙරළබඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.එම්.එස්. ජයරත්න මහතා සඳහන් කළේ එම යාචකයා කෝටිපතියකු නොවන බවත් යාචකයාගේ බවට සඳහන් වුණු මෝටර් රථය, සුඛෝපභෝගී මෝටර් රථය සහ සුඛෝපභෝගී නිවෙස එම යාචකයාගේ සහෝදර සහෝදරියන්ගේ ඒවා බවට පරීක්ෂණවලදී තහවුරු වූ බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රුපියල් 20,000ක් පමණ වටිනා පලතුරු සහිත අත් කරත්තයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට පසුගිය 23 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයේදී අදාළ යාචකයා පොලිස් අත්අඩංගුවට  ගැනුණි.

Related posts

රෝහිත රාජපක්ෂට ‘ආචාර්ය’ උපාධියක්

Mohamed Dilsad

අදිසි හස්තයන් ගැන අවධානයෙන් සිටින්නැයි ජනපතිට දැනුම්දෙයි

Mohamed Dilsad

ඥානසාර හිමි යළි කරලියට

Mohamed Dilsad

Leave a Comment