ගොසිප්

උත්සව සමයේ බීමතින් රිය පැදවුවොත් වැඩ වරදී

(UTV |කොළඹ) – බීමත් රියදුරන් පරීක්‍ෂා කෙරෙන උපකරණ 130,000 ක් මේ වනවිට සියළු පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අද(22) දිනයේද රථ වාහන මෙහෙයුම් සදහා පොලිස් නිලධාරීන් 9,000 ක් අනියුක්ත කර ඇති බවයි.

වසර අවසාන උත්සව සමය රිය අනතුරු බහුල කාල පරිච්ඡ්දයක් බැවින් රියදුරන් සහ පදිකයින් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙසට මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.

උත්සවය සමය ඉලක්ක කර ගනිමින් ආරම්භ කෙරුණු රථ වාහන මෙහෙයුම් ලබන ජනවාරි 5 වනදා දක්වා කි‍්‍රයාත්මකයි. මේ වනවිට පුද්ගලයින් 1,845 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවත් බීමත් රියදුරන් 113 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සදහන් කළා.

Related posts

ඇඳිරි නීතිය ගැන තීරණය අද PCR වාර්තාවල ප්‍රතිඵලවලින් පසුව

Mohamed Dilsad

‘එක රටක් එක නිතියක්’ සභාපතිකම මම බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි

Mohamed Dilsad

වහාම Lockdown කරන්න – WHO ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment