ක්‍රීඩා

මෙවර IPL තරඟාවලියේ දී හිමිකරුවන් කෝටි 483 ක් වියදම් කරයි

(UTV | ඉන්දියාව) – මෙවර LPL තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රඳවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව මේ වන විට නිකුත් කර අවසන්.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 42 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 139 දෙනෙකු කණ්ඩායම් 8 විසින් සිය සංචිතවල රඳවා ගෙන තිබේ.

ඒ අතරට කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු ඇතුළත් වී නොමැත.

සිය කණ්ඩායම් සකස් කරගැනීම වෙනුවෙන් සෑම කණ්ඩායමකටම ඉන්දීය රුපියල් කෝටි 85 ක මුදලක් මෙවර ද වැය කළ හැකි බව තරගාවලි සංවිධායකයින් සඳහන් කළේය.

ඒ අනුව කණ්ඩායම් සකස් කර ගැනීම වෙනුවෙන් සියලු කණ්ඩායම් මේ වන විට වියදම් කර ඇති මුදල් ප්‍රමාණයේ එකතුව ඉන්දීය රුපියල් කෝටි 483.39 ක් වන අතර, සියලු කණ්ඩායම් සතුව ඉතිරිව පවතින මුදල් ප්‍රමාණයේ එකතුව කෝටි 196.60 ක්.

 

Related posts

පාකිස්ථානය ටෙස්ට් සංචිතය මෙන්න

Mohamed Dilsad

රයිනා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමු දෙයිද?

Mohamed Dilsad

අරවින්දගේ සුපිරි මෝටර් රථය

Mohamed Dilsad

Leave a Comment