දේශීය

“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට

(UTV | කොළඹ) – “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතය.

නොමිලේ ලබා දෙන වයිෆයි සහ තවත් පහසුකම් රැසකින් මෙම බස් රථ සමන්විත වේ.

පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා බස්රථ සේවාව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා පැවසීය.

 

Related posts

”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

ඉන්ධන බදු ඉවත් කරන්නැයි බලශක්ති ඇමති මුදල් ඇමතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment