දේශීය

රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අවසන්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අද (15) සිට අවසන් වේ. 

ඒ අනුව අද දිනෙන් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව අදාළ දඩය තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

කෙසේවෙතත් දින 28 ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පත්‍රිකාවක් සඳහා අද දිනෙන් පසු තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් සිදුකළ නොහැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

 

Related posts

කොවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 866 ඉක්මවා යයි

Mohamed Dilsad

දිස්ත්‍රික් ලේකම්වරයෙක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරයි.

Editor O

සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment