දේශීය

මාරක රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් මරණ 13 ක්

(UTV | කොළඹ) – මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ (14) දිනයේදී පමණක් පුද්ගල මරණ 13 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් මරණ 7ක් ඊයේ දිනයේ සිදුවූ අනතුරු වන අතර, අනෙක් මරණ 6 මීට පෙර සිදුවූ රිය අනතුරුවලින් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි අය බවයි.

මේ අතර අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කරමින් සිටි කණ්ඩායමක තරුණයින් 12 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 18ත් 25ත් අතර පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන්ට එරෙහිව අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව තිබේ.

 

Related posts

වැලිකඩ බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 16ක් සොයා ගනී

Editor O

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළ යෑමට හේතුව

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment