දේශීය

“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට

(UTV | කොළඹ) – “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතය.

නොමිලේ ලබා දෙන වයිෆයි සහ තවත් පහසුකම් රැසකින් මෙම බස් රථ සමන්විත වේ.

පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා බස්රථ සේවාව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා පැවසීය.

 

Related posts

සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තෙක් මැනිං වෙළඳපොළ විවෘත නොකෙරේ

Mohamed Dilsad

උදය ගම්මන්පිල ඉදිරිපත් කළ පෙත්සම ට, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Editor O

පාර්ලිමේන්තුවේ ටෝර්ච් සිද්ධිය ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment