විදෙස්

වැඩිම ප්‍රතිශතයකට කොරෝනා එන්නත දුන් රට බවට ඊශ්‍රායලය පත්වෙයි

(UTV | ඊශ්‍රායලය) – වැඩිම ප්‍රතිශතයකින් කොරෝනා මර්දන එන්නත් දුන් රට බවට ඊශ්‍රායලය පත්ව ඇත.

ඊයේ වනවිට එහි ලක්ෂ 10 ක ජනතාවකට එන්නත් දී තිබූ අතර එහි ප්‍රතිශතය 12 % කට ආසන්නයි.

බහරේනය දෙවන ස්ථානයටත් මහා බ්‍රිතාන්‍යය තෙවන ස්ථානයටත් පත්ව සිටියි.

ප්‍රතිශතයක් ලෙස සැළකීමේදී අමෙරිකාව පසුවන්නේ 04 වන ස්ථානයේයි.

දැනට ඊශ්‍රායලය දිනකට පුද්ගලයන් 150,000 ක් පමණ එන්නත්කරණයට ලක් කරන බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

මීට අමතරව , ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අද (04) එක්සත් රාජධානිය ආරම්භ කළේය. එහි පළමු එන්නත 82 හැවිරිදි බ්‍රයන් පින්කර් ට ඔක්ස්ෆර්ඩ් චර්චිල් රෝහලේදී ලබාදීමට කටයුතු කෙරිණි.

සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ මෙය එක්සත් රාජධානිය වෛරසයට එරෙහිව කරන සටනේ “සුවිශේෂ” අවස්ථාවක් බවය.

මේ වනවිට එරට තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතියි.

 

 

Related posts

ඊජිප්තුවේ ස්ට්‍රෝබෙරි ආනයනය සෞදිය තහනම් කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක සිසුන්ට මැර ප්‍රහාරයක්

Mohamed Dilsad

ඇමරිකා චීන පළමු අදියරේ වෙළඳ ගිවිසුමට එකඟත්වය

Mohamed Dilsad

Leave a Comment