විදෙස්

ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක සිසුන්ට මැර ප්‍රහාරයක්

(UTV | නවදිල්ලි) -දිල්ලි අගනුවර පිහිටා ඇති ජවහර්ලාල් නේරු සරසවියට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් කල පහරදීමකින් සිසුන් සහ ගුරුවරුන් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන මෙහි වාමාංශික සිසුන් සහ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඒ.බී.වී.පී. ශිෂ්‍යයන් ප්‍රහාරය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටින බව ද වාර්තා වේ.

තත්වය පාලනයට පොලිසියද මැදිහත්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කුමන පිරිසක් පහරදීම සිදුකලේ දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර නිල නොවන වාර්තා පවසන්නේ නව පුරවැසි පණතට එරෙහිව විරෝධතාවල නිරතවූ සිසුන් පිරිසකට මෙලෙස පහරදී ඇති බවයි.

Related posts

චීනයේ සංචාරක තහනම දීර්ඝ වෙයි

Mohamed Dilsad

ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක බව අනවරණය කෙරේ

Mohamed Dilsad

ඊශ්‍රාලයෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment