විදෙස්

ඊශ්‍රාලයෙන් දැඩි තීරණයක්

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සුදානම් බව ඊශ්‍රායලය පවසයි.

 

ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

 

කෙසේවෙතත් ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන දිනය හෝ වෙලාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකර නොමැති බව වාර්තා වේ.

 

මේ අතර හමාස් ඉස්ලාමීය ජිහාඩ් සහ හිස්බුල්ලා සංවිධානවල නායකයින් අතර හමුවක් ලෙබනනයේ දී සිදුව තිබේ.

 

ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව වාර්තා වේ.

Related posts

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

Mohamed Dilsad

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

අමෙරිකාවේ කාලගුණය හදිසියේම වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment