විදෙස්

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

(UTV | ඉරාකය) – ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින් වෙන්කර ඇති වාට්ටුවක සිදුවූ ගින්නකින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.

එම ගින්න ඇතිවී තිබුණේ නසිරියා නගරයේ අල්-හුසේන් නම් රෝහලේය.

ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.

රෝහලේ ප්‍රධානියාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපති මුස්තාෆා අල්-කදේමි නියෝග කර තිබේ.

ඉරාක බලධාරීන් පැවසුවේ එම වාට්ටුවේ ඇඳන් 70ක් තිබූ බවත් එය ගොඩනගා තිබුණේ මීට මාස 3කට පමණ පෙර බවත්ය.

Related posts

ටැන්සානියාවේ බෝට්ටු අනතුරක්.80ක් මරුට

Mohamed Dilsad

සඳ මත ජලය සෙවීමට සැලැස්මක්

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment