විදෙස්

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

(UTV | ඉරාකය) – ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින් වෙන්කර ඇති වාට්ටුවක සිදුවූ ගින්නකින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.

එම ගින්න ඇතිවී තිබුණේ නසිරියා නගරයේ අල්-හුසේන් නම් රෝහලේය.

ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.

රෝහලේ ප්‍රධානියාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපති මුස්තාෆා අල්-කදේමි නියෝග කර තිබේ.

ඉරාක බලධාරීන් පැවසුවේ එම වාට්ටුවේ ඇඳන් 70ක් තිබූ බවත් එය ගොඩනගා තිබුණේ මීට මාස 3කට පමණ පෙර බවත්ය.

Related posts

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර

Mohamed Dilsad

ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන 6,200,000 ඉක්මවයි

Mohamed Dilsad

පුටින් විදෙස් ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment