Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් නිල ණයහිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුම්කට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු පත්‍ර සහ සංශෝධන ගිවිසුම අත්සන් කළ යුතුව ඇත.

අත්සන් කළ යුතු අදාළ ලේඛන සඳහා නීතිපතිගේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

ජපන් රජය හා ශ්‍රී ලංකා රජය අතර, ජයිකා ආයතනය සමග හා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමග අයිසීඒ් ආයතන අතර වූ ගිවිසුම් මෙලෙස සංශෝධනය කරන බවද සඳහන්.

Related posts

Special project to grow high quality pepper

Mohamed Dilsad

More funds for Health, Education sectors – PM

Mohamed Dilsad

පාසල් දරුවන්ට වෙනදා මෙන් ආහාර නැති බව ඇමති පිළිගනී

Mohamed Dilsad

Leave a Comment