විදෙස්

ඊජිප්තුවේ ස්ට්‍රෝබෙරි ආනයනය සෞදිය තහනම් කරයි

(උදයම්,කොළඹ)  –  කෘමිනාශක ද්‍රවයන් විශාල ලෙස අඩංගු වීම හේතුවෙන් ඊජිප්තුවෙන් ආනයනය කරනු ලබන ස්ට්‍රෝබෙරි ජුලි 11දින සිට ත්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තහනම් කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇති බව Almarsd පුවත්පත වාර්තා කරයි.

ස්ටෝබෙරි අපනයන සමය අප්‍රේල් 10දින අවසන් වීම නිසා අදාල තහනම ඊජිප්තු ස්ටෝබෙරි කර්මාන්තයට බළපෑමක් එල්ල නොකරනු ඇති බව ඊජිප්තු කෘෂිකර්ම අපනයන සභාවේ නිලධාරියකු වන අබ්දෙල් හමීඩ් අල්- ඩීමඩෑෂ් රෝයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

එලවළු, පලතුරු සහ රනිල කුලයට අයත් භෝග අපනයනය කිරීමෙන් පසුගිය වසරේ (2016) ඇ:ඩෝ බිලියන 2.2ක ආදායමක් ඊජිප්තුව ලබා ගෙන ඇති බව සදහන් වන අතර දොඩම් සහ ස්ටෝබෙරි ප්‍රධාන පලතුරු අපනයනයන්ටද අයත් වේ.

 

Related posts

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමෙන් 5 ක් මියයයි

Mohamed Dilsad

ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

දූෂණ චෝදනා මත නවාස් ෂරීෆ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment