දේශීය

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කරයි

(UTV |කොළඹ) – දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග කිහිපයක් ඉදිරි සති කිහිපය තුළ තහනම් කෙරෙන බව පරිසර අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇතිබව මහින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටීයි.

ඔහු ප්‍රකාශ කළේ එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

මේ අනුව ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ඉදිරි සතිය ඇතුළත මේ කටයුතු අවසන් කරන්නකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඊළඟ අදියරේදී පොලිතීන් බෑග් ඇතුළු වර්ග රැසක් තහනම් කරන බවත් පරිසර අමාත්‍යවරයා පැවසීය.

Related posts

ආර්ථික අර්බුදය ජයගැනීමට කළ යුතු දේ ගැන IMF පහදයි

Mohamed Dilsad

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

Mohamed Dilsad

අධිකරණයේ බලය ගැන, අගවිනිසුරුගෙන් කථානායකට ලිපියක්.

Editor O

Leave a Comment