දේශීය

පළාත් කිහිපයක වැසි වැඩිවේ

(UTV |කොළඹ) – පළාත් කිහිපයකට වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද (26) රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙමෙ බලපෑම ඇති වේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට

Editor O

පක්ෂ නායකයෝ තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment