දේශීය

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 400 ක්

(UTV | කොළඹ) – බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ මේ සඳහා අනුයුක්ත කර ඇත.

බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

Related posts

සේවක අර්ථසාධක අරමුදල ට කොටස් වෙළෙඳපොළේදී වෙච්ච දේ

Editor O

තුසිත හල්ලොලුව අතුරුදන්….?

Editor O

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහාය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

Mohamed Dilsad

Leave a Comment