දේශීය

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

(UTV | කොළඹ) – අද දිනයේදී පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව උතුරු නැගෙනහිර , උතුරුමැද , මධ්‍යම , ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ඇතිවිය හැක.

මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රීක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව ද සඳහන්.

මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරුමැද , සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තරමක තද සුළංද ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

Related posts

පළාත් පාලන ආයතනවලට පොහොට්ටුවෙන් පත්වූ සභිකයින් දිවුරුම්දීම අද

Editor O

බස් රථ සීමා වෙයි – අද සිට අමතර දුම්රිය 5 ක්

Mohamed Dilsad

තෙල් ගහන්න වාහන අංක තහඩු මාරු කළොත් හිරේ

Mohamed Dilsad

Leave a Comment