දේශීය

පාසැල් සහ පෙර පාසැල් ආරම්භය පිළිබඳ තීරණය

(UTV | කොළඹ) – පාසල් හා පෙරපාසල් යළි විවෘත කිරීම පිළිබද රජයේ වැඩපිළිවල බොහෝදුරට අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ සමග සිදුකළ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩපිළිවෙල සකස්කල බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් අද දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත.

 

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

Editor O

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

Leave a Comment