දේශීය

පොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය වෙන ලකුණු

(UTV | කොළඹ) – පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරිමේ දි එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

“සෞඛ්‍ය අංශයෙන් යම් චක්‍රලේඛයක් හෝ දැනුවත් කිරීමක් කරනවා නම්, පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ එන්නත් තුනම ලබාගත් අය පමණයි කියලා ඒකට අපිට අනුගත වෙන්න සිද්ධවෙනවා.

මොකද මේක වසංගත තත්ත්වයක්. ඒ තත්ත්වය පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ අනුව ඒ අය අපිට දෙනවා නම් උපදෙසක් මේ අය පමණයි පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ කියලා ඒකකට අපිිට අනුගත වෙන්න සිද්ධ වෙනවා.

මේ පිළිබඳව අපි ලිඛිතව දැනුම්දීමක් කරලා නෑ. නමුත් ඔය කියන විදියට චක්‍රලේඛ නිකුත් කරලා ලිඛිතව අපිව දැනුවත් කරයි. ඒ වෙද්දි පෞද්ගලික, ලංගම හා දුම්රිය දැන්වත් කරලා එන්නත් කාඩ්පත් පරීක්ෂා කරන්න කියන උපදෙස දෙන්න පුළුවන්.”

Related posts

ඇඳිරි නීතිය නොතැකූ 2262ක් අත්අඩංගුවට

Mohamed Dilsad

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන

Mohamed Dilsad

Leave a Comment