දේශීය

හිජාස් හිස්බුල්ලාට ඇප

(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (පෙබ. 7) නියම කළේ ය.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පුත්තලම මහාධිකරණය වෙත නියෝග කළේ ය.

අදාළ පෙත්සම පසුගිය දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අනුව, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයාගේ පාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළේ ය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණු අතර අනතුරුව ඔහු විසින් ඇප ඉල්ලීමක් කර තිබිණි.

කෙසේ වෙතත් එම ඇප ඉල්ලීම පුත්තලම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඊට එරෙහිව ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙලෙස පුත්තලම මහාධිකරණය වෙත නියෝග කළේ ය.

Related posts

සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සව පවත්වන ලෙසට දැනුම්දීමක්

Mohamed Dilsad

අනවසරයෙන් රැගෙන ආ කහ කිලෝ 1000 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

පානදුර වෙඩි තැබීමේ සැකකරුවන් සොයා STF ඇතුළු පොලිස් කණ්ඩායම් 5 ක්

Mohamed Dilsad

Leave a Comment