දේශීය

සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සව පවත්වන ලෙසට දැනුම්දීමක්

(UTV | කොළඹ) – මෙවර පොසොන් උත්සවය සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් පවත්වන ලෙසට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

කොවිඩ් 19 වෛරසය මේවන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින බැවින් දුරස්ථභාවය රැකෙන ආකාරයෙන් පොසොන් පොහොය දින ශීල ව්‍යාපාර පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ලොවම සෞඛ්‍ය ගැටළුවකට මුහුණදී සිටින මෙම අවස්ථාවේ “ආරෝග්‍යා පරමා ලාභා” තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැද මළුවේදී පැවැත්වෙයි.

ඒ අනුව මිහින්තලා පුද භූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය, අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පිංකම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පිංකම් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් විහාරස්ථාන අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ශීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.

Related posts

කරාපිටිය ශික්ෂණ රෝහලට Ultrasound Scanner යන්ත්‍රයක්[PHOTOS]

Mohamed Dilsad

රටවල් රැසකට දර්ශනවන චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වෙනිදා

Editor O

තවත් සති දෙකක් ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා නම් හොඳයි

Mohamed Dilsad

Leave a Comment