දේශීය

ගානියා බැරිස්ටර්ට එරෙහිව ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

(UTV | කොළඹ) – තමන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන අගෝස්තු 05 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතායි නියෝගය ලබා දුන්නේ.

එම විත්තිකාරියට අධිචෝදනා පත්‍රය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පිටපතක් අද විවෘත අධිකරණය හමුවේ භාර දීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කල බව සඳහන්.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ගිය පිරිසක් ගැන පොලිස් විමර්ශන

Mohamed Dilsad

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

සහල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment