දේශීය

සහල් මිල පහළට

(UTV | කොළඹ) – වෙළෙදපොලේ පසුගිය කාල සීමාවේදී ඉහළ ගොස් තිබූ සහල්වල මිල ගණන් ඉදිරි දින කිහිපයේදී පහත බසිනු ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

මේ වනවිට වෙළදපොලේ දේශීය සහල් අලෙවියද පහල බැස ඇති බව එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේය.

ආධාර ලෙස ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ලැබීමත් සමග මෙලෙස වෙළෙදපොලේ සහල් අලෙවිය ද අඩු වී ඇති බවත් ඉදිරියේදී මිල ගණන් අඩුවනු ඇති බවත් ඔහු පැවසීය.

Related posts

ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1136 ඉක්මවයි

Mohamed Dilsad

රටේ තෙල් සංචිත ගැන නියෝජ්‍ය ඇමති මහින්ද සමරසිංහ කළ ප්‍රකාශය ගැන නලින්දගෙනුත් ප්‍රකාශයක්

Editor O

මැතිවරණයට අදාළව ගොනුකළ පෙත්සම සලකා බැලීමට දිනයක්

Mohamed Dilsad

Leave a Comment