දේශීය

ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1136 ඉක්මවයි

(UTV | කොළඹ) – ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.

ඒ අනුව එම අරමුදලේ ශේෂය රුපියල් 1,136,968,139.71 ක්  බව සඳහන්.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටින අතර නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා මෙම අරමුදලට දායකවිය හැක.

වැඩි විස්තර දැනගැනීම සඳහා 0760700700, 0112320880, 011,2354340, 0112424012 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැක.

Related posts

කොරෝනා නිසා මෙරට සිරවී සිටි ඉන්දියානුවන් පිරිසක් අද පිටත් වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ තවත් 49,703 කට ඊයේ කොවිඩ් මර්දන එන්නත්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment