දේශීය

කොරෝනා නිසා මෙරට සිරවී සිටි ඉන්දියානුවන් පිරිසක් අද පිටත් වේ

(UTV | කෝවිඩ්-19) –  අද (01) කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 700 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය ජාතිකයින් 1500 කට අධික පිරිසක් සිය රට බලා යාමට නොහැකිව මෙරට රැදී සිටින බව සඳහන් වේ.

ඉන් පළමු කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 176 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් පසුගිය සිකුරාදා දිනයේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඊයේ (31) පස්වරුවේ දෙවන කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 700 කට ආසන්න පිරිසක් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාව කොළඹ වරායට ළඟා වී තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාධිතයන්ගෙන් 33 % ක්ම අවුරුදු 41 – 50 ත් අතර

Mohamed Dilsad

හිටපු ඇමති රාජිත සේනාරත්නගේ පෙත්සමක් සලකා බැලීමට මහාධිකරණය දින නියම කරයි

Editor O

සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනයත් අර්බුදයක

Mohamed Dilsad

Leave a Comment