Trending Newsඑසැන පුවත්දේශීය

නයයෑ⁣ම් සහ ගංවතුරෙන් දස ලක්ෂයකට අධික පිරිසකගේ විවාහ උප්පැන්න සහ විවාහ සහතික විනාස වෙලා….

 “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් නායයෑම් සහ ගංවතුර තත්ත්වය නිසා ආපදාවට ලක් වූ පුද්ගලයින් ලක්ෂ 10කට වැඩි පිරිසකගේ උප්පැන්න සහ විවාහ ලියාපදිංචි සහතික විනාස වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක 22ක පුද්ගලයින්ට එක්දින කඩිනම් සේවාව යටතේ නොමිලේ ලියාපදිංචි සහතික නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර ඇතිබව සඳහන්.

උප්පැන්න හා විවාහ ලියාපදිංචි සහතික නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීම දිස්ත්‍රික් නියෝජ්‍ය රේජිස්ටාර්වරුන් හරහා මේ වන විට ආරම්බ කර ඇත. .

මේ අනුව උප්පැන්න සහ විවාහ ලියාපදිංචි සහතික ලබාදීම සඳහා ජංගම සේවා වැඩසටහන් ආරම්භ කර තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් ශෂී දේවී ජලදීපන් මහත්මිය පැවසුවාය.

මුලතිව් සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි ජංගම සේවා වැඩසටහන්, මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

මේ අතර මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව නාය යෑම් හා ගංවතුරින් මියගිය සහ අතුරුදන් වුවන්ට ද ලියාපදිංචි මරණ සහතික නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

Justin Rose becomes world number one for first time

Mohamed Dilsad

Sri Lanka named Asia’s leading destination 2017

Mohamed Dilsad

வேல்ஸ் அணி அரையிறுதிக்கு தகுதி

Mohamed Dilsad

Leave a Comment