Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවලින් පීඩාවට පත්ව, සේවයට නොපැමිණී, රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීමට විශේෂ චක්‍රලේඛයක්

ජල ගැලීම්, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත. .

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ  දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (16) දිනයේ නිකුත් කර ඇත.

ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයින්, මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයින් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතයි.

එම විශේෂ නිවාඩු ලබාගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය, සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළයුතු වේ.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කරන ලද නිලධරයාගේ ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් පරීක්ෂා කර එහි නිරවද්‍යතාව පිළිබඳ පෞද්ගලිකවම සෑහිමකට පත්විය හැකිනම් පමණක් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දින ගණන සඳහා විශේෂ නිවාඩු අනුමැතිය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බව එම චක්‍රලේඛයේ දැක්වේ.

මෙම විශේෂ  නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකළ යුතු බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Related posts

ரஷ்ய சட்டத்தரணி சந்திப்பு:ஒப்புக்கொண்டார் ட்ரம்பின் மூத்த மகன்!!

Mohamed Dilsad

කෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

15.6 சதவீதத்தால் தேயிலை ஏற்றுமதியில் வளர்ச்சி

Mohamed Dilsad

Leave a Comment