Trending Newsඑසැන පුවත්දේශීය

රටේ තෙල් සංචිත ගැන නියෝජ්‍ය ඇමති මහින්ද සමරසිංහ කළ ප්‍රකාශය ගැන නලින්දගෙනුත් ප්‍රකාශයක්

රටේ තෙල් සංචිත පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස තමන් ද රට හමුවේ නිවැරදි ප්‍රකාශ සිදුකර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙරට මාස දෙකක් සඳහා තෙල් ගබඩා කිරීමට පහසුකම් නොමැති බවට නි. ඇමති මහින්ද ජයසිංහ සිදුකළ ප්‍රකාශයක් ගැන අද (02) කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කළ අවස්ථාවේය.

“මම නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. තෙල් ගබඩා කිරීමේ පහසුකම් ගැන දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථා සභාපතිතුමා මේ ගැන අදහස් ප්‍රකාශ කළා. තෙල් සංස්ථාව භාර ඇමති විදිහට කුමාර ජයකොඩි මේ ගැන ප්‍රකාශයක් කළා. රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මම කීවා. ඔබ විමසන අවස්ථාවේ මාස දෙකහමාරකට ආසන්න තෙල් සංචිත තිබුණා. රටේ ජනතාවට ඒ අවස්ථාවේ තිබුණේ තෙල් ඉවරවේද කියන ප්‍රශ්නය. ජනතාව බූලිවලට බැරල්වලට තෙල් එකතු කරන්න ගත්තා. දැන් ඒක ඉවරයි. අපට තෙල් තිබෙනවා, මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. ඒ ගැන අපි සහතික වෙනවා.”

Related posts

கிண்ணியா பிரதேசத்தில் அடையாளங் காணப்படாத எந்த நோயும் இல்லை – சுகாதார அமைச்சு

Mohamed Dilsad

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 161 දෙනෙක් අතුරුදන්

Editor O

Leave a Comment