දේශීය

පානදුර වෙඩි තැබීමේ සැකකරුවන් සොයා STF ඇතුළු පොලිස් කණ්ඩායම් 5 ක්

(UTV | කළුතර) – ඊයේ (25) පෙරවරුවේ පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර ඇත.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ටී – 56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ හිසට හානි වී ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස ඝාතනය කර තිබුණි.

මියගිය 32 හැවිරිදි පුද්ගලයා ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයෙකු වන අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

 

Related posts

මාලිමා මන්ත්‍රීනියගේ කුඩු විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්

Editor O

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට පැමිණීමට නොමිලේ ගුවන් ගමන් පහසුකම්

Editor O

දළදා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment