දේශීය

ත්‍රී රෝද රථ රියදුරන්ට කඩිනමින් PCR කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ ලේකම්, එල්. රෝහණ පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන්කර සිටියේ කොවිඩ් වෛරසයට ගොඳුරු වීමෙන් ත්‍රීරෝද රියදුරන් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් , අහඹු ලෙසවත් ත්‍රීරෝද රථ රියදුරන්ව PCR පරීක්ෂණ සඳහා යොමුකර මෙයින් මුදවා ගන්නා ලෙස රජයේ වෛද්‍ය සභාවෙන් හරි මේ හා සම්බන්ධව ඉන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

 

Related posts

ක්‍රිප්ටෝ ගැන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට මහ බැංකුවේ අවධානය

Editor O

බොර තෙල් මිල පහළ ට

Editor O

රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර ගැන කම්කරු ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment