දේශීය

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – හෙට (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

ඒ අනුව හෙට (14) පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

මීට අමතරව අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතය.

 

Related posts

කම්කරු අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

Editor O

හෙට ඇදිරි නීතිය ඉවත් කෙරෙන ආකරය[RELEASE]

Mohamed Dilsad

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment