දේශීය

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියෙක් රිමාන්ඩ්

(UTV |කොළඹ) – පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට ලක්වූ  පාර්ලිමේන්තු නිලධාරියෙකි.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අද (04) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙහිදී හෙළි වුයේ පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000 බැගින් මුදල් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ඊට අදාළව අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක මුදලක් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Related posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10,400 ඉක්මවයි

Mohamed Dilsad

ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව නිරෝධායන ක්‍රියාදාමයක් [RELEASE]

Mohamed Dilsad

සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment