ගොසිප්

නාරාහේන්පිට ප්‍රධාන පෙළේ රෝහලක සේවකයන් පිරිසකට කොරෝනා

(UTV | කොළඹ) – නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

එම රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බව නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටියේය.

එමෙන්ම , මහනුවර මහරෝහලේ උගුර, කන, නාසය පිළිබද සායනයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

 

Related posts

බාහිර උපා­ධි­ය සඳහා නව විෂය මාලා­වක්

Mohamed Dilsad

ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා

Mohamed Dilsad

රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ

Mohamed Dilsad

Leave a Comment