ගොසිප්

ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා

(UTV | කොළඹ) – ‘ජනාධිපතිවරයාට රට හදන්න උවමනාව තිබුනත් පාර්ලිමේන්තුවේ අත්දැකීම් නොමැති නිසා රටේ ප්‍රශ්ණ වල සංකීර්ණභාවය ආර්ථික ප්‍රශ්ණ ජාත්‍යන්තර ප්‍රශ්ණ පිළිබද අවබෝධයක් නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.  

මහනුවර කුණ්ඩසාල සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය විවත කිරීමේ අවස්ථාවට (14) සහභාගී වෙමින් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

එහිදී අදහස් පළකල ලක්‍ෂමන් කිරිඇල්ල මහතා,

‘ මිත්‍රවරුනි අද අපි යන තැන අපේ ඡන්ද දායකයෝ අපිට කියනවා අද සමාජයේ පොහොට්ටුවට ඡන්දය දුන්න කෙනෙක් නෑ කියලා. අද ඒ අයට ලැජ්ජයි පොහොට්ටුවට ඡන්දය දුන්නා කියන්න. අද රටේ තත්වය මේකයි. ඔබ තමුන්නාන්සේලා මේ ගැන හොදාකාරවම දන්නවා.අද ආණ්ඩුව අසමත්. මිත්‍රවරුණි අපි අවුරුදු 30 කට වැඩි කාලයක් දේශපාලනය කලා. නමුත් දේශපාලනය එපා වෙලා කිව්වේ නෑ. නමුත් අද රටේ ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා. නැවත දේශපාලනයට,මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියනවා. බලයට පත්වුන අය කියනවානම් නැවත දේශපාලනය කරන්නේ නෑ කියලා මොකක්ද ඒකේ තේරුම, අසාර්ථක පාලනයක්. දැන් මේ අයට රට හදන්න උවමනාවක් නෑ මේ අයගේ එකම පොරය 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ජනාධිපතිවරයාට වුවමනාව තිබ්බා රට හදන්න. නමුත් එතුමා පාර්ලිමේන්තුවේවත් හිටියෙ නැති නිසා එතුමා දන්නෙ නෑ රටේ ප්‍රශ්ණවල සංකීර්ණභාවය , ආර්ථීකය , ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නෑ. මිත්‍රවරුනි ජනාධිපතිවරයාට අවුරුද්දෙන් දේශපාලනය එපා උනානම් යුද්ධය කෙරුවෙ කවුද කියලා දැන් අපට හිතාගන්න පුලුවන්. ‘

 

Related posts

තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා – මහජන බැංකුව චීනයට කියයි..

Mohamed Dilsad

ගල්කිස්සේ කොරෝනා ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ඇවිත්

Mohamed Dilsad

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

Mohamed Dilsad

Leave a Comment