ගොසිප්

බාහිර උපා­ධි­ය සඳහා නව විෂය මාලා­වක්

(UTV | කොළඹ) – කලා බාහිර උපාධි පාඨමාලා සඳහා හඳුන්වාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

ඒ් අනුව භාෂාමය හා තාක්ෂණ දැනුමින් පොහොසත් නව විෂ්‍ය මාලාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරයි.

බාහිර උපාධි ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින 30,000 ක් පමණ වන පිරිසක් උපාධි සඳහා තෝරාගෙන ඇති විෂය ධාරා අනුව රැකියා ලබාගැනීමේදී මතුවන ගැටළු ඉවත්කර රටට සංවර්ධනයට දායකත්වය ලබාදිය හැකි ආකාරයට විෂය මාලා සංවර්ධනය කර එම පිරිසට වඩාත් ඵලදායී උපාධියක් ලබාගැනීමට මේ අනුව හැකිවන බව ද මහාචාර්යවරයා කියා සිටියේය.

ඒ සඳහා කෙටි කලක් ගත වනු ඇතැයිද එයින් පසුව අදාළ උපාධි අපේක්ෂකයන්ට තම අධ්‍යයන කටයුතු කර ගත හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ගලෙන්බිඳුණුවැව වගාළිඳක කිඹුලන් දොළහක්

Mohamed Dilsad

ගව ඝාතනය තහනම්.

Mohamed Dilsad

බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF නිර්දේශ කරයි

Mohamed Dilsad

Leave a Comment