ගොසිප්

බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වහාම වළකින්න

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ දැනට පවතින කොරෝනා දෙවැනි රැල්ල හමුවේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතේ ජීවත් වන පුද්ගලයන්ටයි.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවන කොවිඩ් රෝගීන්ගේ මූලාශ්‍ර සොයාගෙන යෑමේදී ඉන් බොහෝ දෙනෙකු බස්නාහිර පළාතේ හෝ කොළඹ නගරයේ සිට ඒ ඒ පළාත්වලට ගිය අය බවය.

මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූ වැඩිදුර අදහස් ,

“ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් පැන නැගිලා තියෙන්නේ. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ අපි හුදකලා කරලා තිබුණත් විවිධ හේතු මත අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ලබා ගන්නවා. යම් යම් ප්‍රදේශවලින් සේවකයෝ සහ කාර්ය මණ්ඩල ඇතුළුවීමට ඉඩ ලබාදීලා තියෙනවා. මේ ක්‍රමවේද හේතු කරගෙන තවදුරටත් කොළඹ නගරයේත් කොළඹ නගරයෙන් පිටතටත් ජනතාව සංක්‍රමණයවීම නොකඩවා සිද්ධ වෙනවා. දැඩි අවදානම් කියන ප්‍රදේශ හරහා ජන සංසරණය අපි උපරිමයට පාලනය කලත් මේක තවත් සිද්ධ වෙනවා. ඒ නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් මතුවෙනවා. ඒ මූලාශ්‍ර හොයාගෙන යනකොට බොහෝ දෙනෙක් කොළඹ නගරයේ, බස්නාහිර පළාතේ සිට ඒ ඒ පළාත්වලට ගිය අය බව හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ, කොළඹ ඇතුළු බස්නාහිර පළාතට අත්‍යවශ්‍ය හේතුවක් නැතුව ඇතුළුවීමටත් පිටවෙලා වෙනත් පළාත්වලට යෑමෙන් වළකින්න කියලා.” යනුවෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

කොළඹ මාළු මිලදී ගත හැකි ස්ථාන

Mohamed Dilsad

චීනය, කොළඹ පෞද්ගලික රෝහලක PCR බ්ලැක් ලිස්ට් කරයි

Mohamed Dilsad

ප්‍රභූ ආරක්ෂකයින් 44 කටම කොරෝනා

Mohamed Dilsad

Leave a Comment