දේශීය

කළුබෝවිල 8 කට කොරෝනා – ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකුට ඊයේ (26) සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදියි.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කුලවර්ධන සඳහන් කළේය.

මේ හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයේ ප්‍රතිබිම්බාරාම පාර ඇලඉවුර කැවුම්වත්ත ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇත.

 

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

Editor O

”බොරු කීම”, ඉතිහාසයේ පළමු වතාවට, ආණ්ඩුව විසින් නීත්‍යානුකූල කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

දකුණු කොරියානු කථානායක දිවයිනට

Mohamed Dilsad

Leave a Comment