දේශීය

පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව කොළඹ දිස්ත්‍රික්කයටම

(UTV | කොළඹ) – පාක් ඇන්ඩ් රයිඩ් – සිටි බස් සේවාව ඉදිරි මාස දෙක තුළ කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස ආරම්භ කළ එම සේවාව මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මේ වනවිටත් ලංගමය උපයන බව ද සභාපතිවරයා කියා සිටියේය.

මීට අමතරව , තමන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග හෙට (07) දිනයේදී පවත්වන බව පුද්ගලික බස් හිමියන් සඳහන් කරයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියාසිටියේ එළඹෙන සතියේදී දීපව්‍යාප්ත වර්ජනයක් සඳහා සැළසුම් කර තිබුණද මේ දක්වා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

 

Related posts

මහ තරගය බලන්න ආ ජනපති

Mohamed Dilsad

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තර්ජනයක්

Editor O

Leave a Comment