දේශීය

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටේ

(UTV | කොළඹ) – සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් මෙරට වෙබ් අඩවි කිහිපයකට පිවිසීම තාවකාලිකව අඩාල වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

ඩොට් එල්.කේ. ලෙස අවසන් වන වෙබ් අඩවි කිහිපයකට පිවිසීම මෙලෙස අඩාල වී ඇති අතර විදුලි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමඟ එක්ව ඊට හේතු මේ වන විට විමර්ශන කරමින් පවතින බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔසද සේනානායක ප්‍රකාශ කළේය.

සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති වෙබ් අඩවි අතර රාජ්‍ය ආයතන කිහිපයක වෙඩ් අඩවි ද වන බව එල් කේ ඩෙමේන ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛකාධිකාරී මහාචාර්යය ගිහාන් ඩයස් මහතා පවසයි.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති වෙබ් අඩවි මොනවාදැයි මෙම අවස්ථාවේදී සඳහන් කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් 0114 216 061 යන අංකයට යොමු කරන ලෙසට ඉල්ලීමක් කරයි.

නැතිනම් යම් ගැටළුවකට මුහුණ දී සිටින පුද්ගලයන්ට එන් අයි සී ඩොට් එල් කේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද පැමිණිලි යොමු කල හැකි වෙයි.

 

Related posts

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

මෙරට සමස්ථ අසාධිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීමට, ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9ක් වැය කරලා.

Editor O

Leave a Comment