දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV |කොළඹ ) – අද (30) උදෑසන 6.00ට කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරිණි.

එම පළාත් සඳහා අද පස්වරු 2.00 සිට යළිත් ඇඳිරි නීතිය පනවනු ඇත.

ජනාධිපති කාර්යාලය විසින් කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක කරන බව නිවේදන කරයි.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

චීන පොහොර ගණුදෙනුවේදී සිදුවූ අකටයුතුකම් ගැන විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයක්

Mohamed Dilsad

අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වෙති

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල්වල මිල වැඩිවීමක් නොවන බව ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment