දේශීය

පාස්කු ප්‍රහාරයේ අනුස්මරණ කටයුතු නිවසේ සිට සිදුකරන්නැයි කාදිනල් හිමි ඉල්ලයි

(UTV | කොළඹ) – ඉකුත් වසරේ පාස්කු ඉරිදා දේවස්ථාන කිහිපයක් සහ ප්‍රසිද්ධ හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන ලබන අඟහරුවාදා මියගිය සහ විපතට පත්වූවන් සිහි කිරීමට එක්වන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

21 වෙනිදා නිවසේ සිට අදාළ අනුස්මරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ මහනායක, අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන්ද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුවු ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව නැවත නැවතත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

ඒ අනුව අප්‍රේල් 21 වැනිදා සියලු විහාරස්ථානවල ඝණ්ඨා නාද කර සංවේගය පළ කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටී.

අප්‍රේල් 21 වැනිදා නිවෙස්වල පහනක් දල්වා පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනා වෙනුවෙන් ශෝකය පළ කරන ලෙසද ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

Related posts

අකිල මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජනකගෙන් ඇමති කංචන ට සැර පිළිතුරක්

Mohamed Dilsad

Leave a Comment